අද සිට ජාතික හැදුනුම්පත් ගාස්තු ඉහළ ගියේ මේ විදිහටයි.

Government Of Sri Lanka
By Wayomi Nov 01, 2022 12:30 PM GMT
Report

අද (01) සිට ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ දී අයකරනු ලබන ගාස්තු සහ සේවාවන්ඉහළ දැමීමට තීරණය කළ බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මීට පෙර දැනුම් දී තිබුණා.

ඒ, අනුව පළමුවරට ලියාපදිංචි කර ජාතික හැදුනුම්පතක් නිකුත් කිරීම සඳහා අයකරන ගාස්තුව රුපියල් 200 දක්වා ඉහළ දමා තිබෙනවා.

එමෙන්ම හැදුනුම්පතක සංශෝධිත පිටපතක් නිකුත් කිරීම සඳහා අයකරන ගාස්තුව රුපියල් 500ක් දක්වාත්, නැති වූ ජාතික හැදුනුම්පතක අනුපිටපතක් නිකුත් කිරීම සඳහා ගාස්තුව රුපියල් 1000ක් දක්වා ඉහළ දමා දමා තිබෙනවා.

මීට අමතරව එක්දින සේවය මඟින් ජාතික හැදුනුම්පත් නිකුත් කිරීම සඳහා අයදුම්පත් ගාස්තුවට අමතරව රුපියල් 2,000ක ගාස්තුවක් ද අය කරනු ලබනවා.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW


Gallery