රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ගැන ජනපති මාධ්‍යය අංශයෙන් විශේෂ නිවේදනයක්..!

Dilum Amunugama Kanaka Herath Ranjith Siyambalapitiya Sri Lanka Geetha Kumarasinghe
By Sewvandhi Sep 18, 2022 07:47 AM GMT
Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනෙන් බැහැර කාලසීමාව තුළදී එතුමා යටතේ පවතින අමාත්‍යාංශවල රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩබලන අමාත්‍ය ධූරයන්හි වගකිම් පවරා තිබේ. ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාත්, වැඩබලන මුදල් ආර්ථික, ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස රංජිත් සියඹලාපිටිය මහතාත්, වැඩබලන කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරිය ලෙස ගීතා කුමාරසිංහ මහත්මියත්, වැඩබලන තාක්ෂණ අමාත්‍යවරයා ලෙස කනක හේරත් මහතාත්, වැඩබලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස දිලුම් අමුණුගම මහතාත් පත්කර තිබේ.

බ්‍රිතාන්‍ය දෙවන එලිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවය සඳහා සහභාගීවීමට දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (17) මධ්‍යහනයේ ලන්ඩන් නුවරට ළඟා වුණි.

ලන්ඩන් නුවරට ළඟා වූ ජනාධිපතිවරයා පිළිගැනීම වෙනුවෙන් පොදුරාජ්‍ය හා සංවර්ධන කාර්යාලයේ ඉන්දු පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ සහ ඉන්දියාවේ අධ්‍යක්ෂ බෙන් මෙලර්, බ්‍රිතාන්‍ය රජුගේ විශේෂ නියෝජිත උප ලුතිනන් ඩේවි ඊස්ටන් සහ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

හෙට (19) ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේහි දී පැවැත්වෙන එලිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවය සඳහා සහභාගීවන ජනාධිපතිවරයා ලබන බදාදා (21) අලුයම නැවත දිවයිනට පැමිණීමට නියමිතය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now