රාජ්‍ය ඇමතිවරු 38ක් අද දිවුරුම් දෙයි - බහුතරයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්

Parliament of Sri Lanka Sri Lanka Sri Lanka Cabinet Sri Lanka Podujana Peramuna
By Sewvandhi Sep 08, 2022 03:10 AM GMT
Report

රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් අද (08) දිනයේ දිවුරුම් දීමට නියමිතව තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම දිවුරුම්දීම සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

මෙහිදී රාජ්‍ය අමාත්‍යවරුන් 30කට ආසන්න සංඛ්‍යාවක් දිවුරුම් දීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය. ඉන් බහුතරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට හිමිවන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ තවත් පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් පිරිසකට ද අද දිනයේ රාජ්‍ය අමාත්‍ය ධූර හිමිවනු ඇත.

එම රාජ්‍ය අමාත්‍ය ධුර පත්කිරීම සම්බන්ධයෙන් ඊයේ (07) පස්වරුවේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක් ද පවත්වා තිබේ. මේ වන විට කැබිනට් අමාත්‍යවරුන් 20 දෙනෙකු පත්කර ඇති අතර සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන තුරු අදාළ කැබිනට් මණ්ඩලය ක්‍රියාත්මක වනු ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

කෙසේ වෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සියලු දේශපාලන පක්ෂ අතර සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවතියත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් මෙතෙක් ගෙන නැහැ.

මෙම නව කැබිනට් මණ්ඩලයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් දැනට අමාත්‍ය ධුර දරන මෙන්ම අමාත්‍ය ධූර දැරූ කිහිපදෙනෙකුද ඇතුළත් වනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.


  සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now