නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ඇරඹෙයි..අමාත්‍යවරු කණ්ඩායම මෙන්න.(LIVE)
නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම මේ වනවිට (22) ආරම්භ වී තිබෙනවා.
ඒ කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාල පරිශ්‍රයේදියි.
මෙලෙස දිවුරුම් දෙන කැබිනට් අමාත්‍යවරුන්ගේ ලැයිස්තුව පහතින් දැක්වේ.
අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා.
- ඩග්ලස් දේවානන්ද ධීවර අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා.
- අධ්‍යාපන අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේ සුසිල් ප්‍රේම ජයන්තයි.
- ප්‍රවාහන හා මාර්ග ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස යළිත් බන්දුල ගුණවර්ධන දිවුරුම් දුන්නා.
- කෙහෙලිය රඹුක්වැල්ල දිවුරුම් දුන්නේ සෞඛ්‍ය යන සම්පාදන අමාත්‍යවරයා ලෙසයි.
- කෘෂිකර්ම හා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරයා ලෙස මහින්ද අමරවීර දිවුරුම් දුන්නා.
- විජේදාස රාජපක්ෂ අධිකරණ , බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා.
- හරීන් ප්‍රනාන්දු සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා ලෙස යළි දිවුරුම් දුන්නා.
- ප්‍රසන්න රණතුංග හා නාගරික සංවර්ධන නිවාස අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නා.
- විදුර වික්‍රමනායක බුද්ධ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ වරයා ලෙස දිවුරුම් දුන්නා.
- කාංචන විජේසේකර විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා.
- පරිසර අමාත්‍යවරයා ලෙස අහමඩ් නසීර් දිවුරුම් දුන්නා.
- රොෂාන් රණසිංහ අන්තර්කාලීන අමාත්‍ය මණ්ඩල වෙනුවෙන් වාරිමාර්ග හා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ධුරවල දිවුරුම් දුන්නා
- මනුෂ නානායක්කාර කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නා.
- ටිරාන් අලස් මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලෙස දිවුරුම් දුන්නා.
- නලින් ප්‍රනාන්දු දිවුරුම් දුන්නේ වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ලෙසයි.
මෙලෙස දිවුරුම් දෙන සියලු අමාත්‍යවරුන්ගේ විෂයපථයන් පහතින් ඇති නිවේදනයෙන් බලන්න.
මේ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද පැමිණ සිටිනවා.
සජීවී විකාශනය පහතින් බලන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |
