රට හදන හැටි ගැන නව වැඩ බලන පොලිස්පතිගෙන් දැඩි ප්‍රකාශයක්.. (VIDEO/PHOTOS)
නව වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීම සිය ප්‍රමුඛතා ලැයිස්තුවේ පළමු වැන්න බව සඳහන් කළේ ය.
අද (29) කොළඹ ගංගාරාම විහාරස්ථානයේ ආගමික වතාවත් සඳහා එක්ව සිටි අවස්ථාවේදී ඒ මහතා මේ බව කියා සිටියේ ය.
අදහස් දැක් වූ ඒ මහතා,
"මමත් අවුරුදු 25ක පමණ කාලයක් පොලීසියේ විවිධ තනතුරු දරපු නිලධාරියෙක්. ඉතින් අපිට අත්දැකීම් තිබෙනවා. ශ්‍රී ලංකා ජනතාවගේ යහපත සඳහා ශ්‍රී ලංකා පොලිස් සේවය ඉදිරියට ගෙනි යනවා" යනුවෙන් ය.
එමෙන්ම ඔහුගේ ප්‍රමුඛතා ලැයිස්තුවේ පළවෙනි කාර්යය වන්නේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කරන කාර්යයන් බවත් දෙවැනි ප්‍රමුඛතාව වන්නේ රටේ මත්ද්‍රව්‍ය තත්ත්වය තුරන් කිරීම බවත් සඳහන් කළේ ය.
මේ අතර මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ලොකු ප්‍රමුඛතාවයක් සහ ඒ සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරිමට ඒ මහතා බලාපොරොත්තු වන බවත් සංවිධානාත්මක අපරාධවලින් ඇති වෙලා තිබෙන තර්ජන කප්පම් වැනි දේවල් සම්බන්ධව ක්‍රියා කිරිමට බලාපොරොත්තු වන බවත් සඳහන් කළේ ය.
වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා,
"..ඒවා තමයි මගේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින්ම තිබෙන්නේ..මගේ සේවා ලබාගත්තු අය දන්නවා මම කොහොමද ක්‍රියා කළේ කියලා. මා සමග වැඩ කළ නිලධාරීනුත් ඒක දන්නවා. දැන් මගේ ක්‍රියාවෙන් ඒක දැකගන්න පුළුවන් වෙයි." යනුවෙන් ය.
වීඩියෝ දර්ශන - Ada Derana