මුදල් අමාත්‍යවරයා ලෙස ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්..!

Ranil Wickremesinghe Sri Lanka Sri Lanka Government Gazette New Gazette
By Sewvandhi Jul 04, 2023 09:38 AM GMT
Report

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලියාපදිංචි ස්කන්ධ සහ සුරැකුම්පත් සම්බන්ධයෙන් නියෝග කිහිපයක් ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයට අනුව, පසුගිය 28 වන දින වනවිට පවතින ස්කන්ධ හෝ සුරැකුම්පත් පරිවර්තනය හෝ හුවමාරු කිරීමට හිමිකරුවන්ට අවස්ථාව ලබාදීමට නියමිතය.

 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙන්නේ, මුදල් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙසයි.

අමාත්‍යංශ ලේකම්ට සහ රාජ්‍ය ණය අධිකාරිය වෙත භාණ්ඩාගාර බැදුම්කර සඳහා පොලී ගෙවීම සහ පරිවර්තනය හෝ හුවමාරු කිරීම සඳහා වන ක්‍රමවේදය සකස් කිරීමට එලෙස බලය පවරා තිබේ.

භාණ්ඩාර බැදුම්කර සකස් කිරීමේදී සහ නිකුත් කිරීමේදී දරණ ලද ඕනෑම වියදමක් ගෙවීම සඳහා භාණ්ඩාගාර සකස් කිරීම සහ නිකුත් කිරීමේ බලය ද අදාළ නිලධාරීන් වෙත පවරා ඇති බවයි, එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

මේ අතර දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාලය තුළ වැරදි තොරතුරු ජනතාව වෙත ගලායෑම වැළැක්වීම සඳහා ගෙවුණු දීර්ඝ සති අන්තයට සමගාමීව පසුගිය සිකුරාදා බැංකු සඳහා විශේෂ නිවාඩුවක් රජය විසින් ප්‍රකාශයට පත් කර තිබුණි.

ඒ අනුව පසුගිය බ්‍රහස්පතින්දා සිට ඊයේ (03) දක්වා බැංකු සඳහා ලැබුණු දින 5ක පමණ විරාම කාලයෙන් පසු මෙරට රාජ්‍ය සහ පෞද්ගලික බැංකු අද (04) උදෑසන ගනුදෙනු සඳහා යළි විවෘත කෙරුණි.