නව ජනපති ගැසට් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්..!
Ranil Wickremesinghe
President of Sri lanka
Sri Lanka Government Gazette
New Gazette
By Sewvandhi
ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙසට රනිල් වික්‍රමසිංහ තෝරා පත් කර ගත් බවට වන ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
ඒ පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක විසින්. අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අද තේරී පත්වුණා.
ඒ, පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 52 ක් ලබා ගනිමින්. රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්ද 134ක් ලැබී තිබුණා.
ඩලස් අලහප්පෙරුම මහතා ලබා ගත්තේ ඡන්ද 82 පමණයි. අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 03 ලබා ගත්තා.
ඒ අනුව මෙරට 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමෙන් තේරී පත්වුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |
