ඇඳිරි නීතිය සම්බන්ධයෙන් ජනපතිගෙන් තවත් අති විශේෂ ගැසට් නිවේදනයක්..!

Curfew gazette lockdown Sri Lanka Gotabhaya Rajapaksha
By Sewvandhi Apr 02, 2022 04:08 PM GMT
Report

අද පස්වරු 6 සිට ලබන සඳුදා පෙරවරු 6 දක්වා පොදු ස්ථානවල ජනතාව ගැවසීම තහනම් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තවත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ මහජන ආරක්ෂ ආඥාපනතේ 16 වන වගන්ිය  යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරවයි.

ඒ අනුව ආරක්ෂක අමාත්‍යංශය හෝ ලේකම්, මහජන ආරක්ෂක අමාත්‍යංශය හෝ පොලිස්පති හෝ ඔවුන් විසින් බලය දෙනු ලබන කවර හෝ නිලධාරියෙකු විසින් ප්‍රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරය යටතේ මිස  අදාළ කාලය තුල කිසිම පුද්ගලයෙකු පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ නොසිටිය යුතු බවටයි එම ගැසට් නිවේදනය මගින් විධාන කර ඇත්තේ.

එම සම්පූර්ණ නිවේදනය පහතින්..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGallery