අප්‍රේල් මාසයේ සිට සියලුම පාසල් වල කරන්න යන නව ප්‍රතිසංස්කරණය මෙන්න..

Ministry of Education A D Susil Premajayantha Department of Examinations Sri Lanka Education
By Aruna Mar 29, 2024 06:33 AM GMT
Report

අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ මූලික පියවර අධ්‍යාපන පරිපාලන ක්ෂේත්‍රය තුළින් ඉදිරි මාසයේ සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

ඒ අනුව මෙම නව ප්‍රතිසංස්කරණය හරහා ඉදිරියේ දී 1-5 පන්ති පැවැත්වෙන පාසල් ප්‍රාථමික පාසල් ලෙසත්, 6-10 ශ්‍රේණි සහිත පාසල් කණිෂ්ඨ ද්විතීයික පාසල් ලෙසත්, 10-13 පන්ති සහිත පාසල් ජ්‍යෙෂ්ඨ ද්විතීයික පාසල් ලෙසත් වර්ගීකරණය කරනු ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

2018-2020 අධ්‍යයන වර්ෂයේ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා පුහුණුව නිම කළ ඩිප්ලෝමාධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම වෙනුවෙන් පැවැති උත්සවයක් අමතමින්, අමාත්‍යවරයා මේ අදහස් පළ කර සිටියා.