කංසා ගැන ගත් අලුත්ම තීරණය..
Sri Lanka
By krishani
අත්අඩංගුවට ගන්නා ලද කංසා, නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කරනු ලබන ප්‍රමාණය හැර සෙසු ප්‍රමාණය ඖෂධ සකස් කිරීමට ආයුර්වේද සංස්ථාවට භාරදීමට පවතින නීතිමය බාධාවන් ඉවත් කිරිම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යංශයේ අවධානය යොමුව තිබේ.
ඒ අනුව ඊට අදාළ ක්‍රමවේදයක් සකස් කිරීමට අධිකරණ බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පවත්වා ඇත.
ආයුර්වේද සංස්ථාවට භාරදෙන ලද කංසා ආයුර්වේද සංස්ථාව දක්වා ප්‍රවාහනය කිරීම, එහි ආරක්ෂාව ඇතුළු වගකීම් පොලීසිය විසින් භාර ගත යුතු බවට එහිදී යෝජනා වී ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |