ත්‍රීරෝද රථ සම්බන්ධයෙන් නව තීරණයක් - පෙබරවාරි මස සිට විශේෂිත වෙනසක්
Sri Lanka
February
threeweel
meter
S N Akuranthilaka
By Sewvandhi
කූලි ත්‍රීරෝද රථ සදහා මනු සවීකිරීමේ වැඩපිලිවෙල ලබන මස පලමුවැනිදා සිට ක්‍රියාත්මක කරන බව මිනුම් එකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අධ්‍යක්ෂක එස්.එන්.අකුරන්තිලක ප්‍රකාශ කළේ අනුමැති ලබාගත් වෙළද ආයතනවලට පමණක් කුළි රථවලට මනු විකීණිමටත් සවි කිරිමටත් අවසර ලබාදී ඇති බවයි.
නිෂ්පාදනය කිරීම හෝ විකිණීමට පෙර වෙළද කටයුතු සදහා භාවිතයට සුදුසු බව පරීක්ෂා කරන ලද මාදිලි සදහා අනුමැතිය දෙපාර්තමේන්තුවෙන් ලබාගත යුතුයි.
එසේම, අනුමත කුලී රථ මනු සඳහා හඳුනා ගැනීමේ ස්ටිකරයක් ඇලවීමට ද අපේක්ෂා කරන බව මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |