ලංකාවට අලුත් බලාපොරොත්තුවක්..අලුත්ම පුහුණුකරුවෙක්..මාලිංගගෙන් සුවිශේෂී සුභපැතුමක්..!

Lasith Malinga Cricket Sri Lanka Cricket
By Sewvandhi Dec 05, 2023 01:12 PM GMT
Report

ලසිත් මාලිංග පවසන්නේ, හිටපු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර පුහුණුකරුවෙකු ලෙස ජාතික කණ්ඩායම සමග එක්කරගැනීමට කාලය එළැඹ ඇති බවයි.

සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින්,  උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුවට සුභපැතුම් එක්කරමින් මාලි මේ බව සඳහන් කර තිබේ.

ලංකාවට අලුත් බලාපොරොත්තුවක්..අලුත්ම පුහුණුකරුවෙක්..මාලිංගගෙන් සුවිශේෂී සුභපැතුමක්..! | New Cricket Coach Nuwan

එම සටහනේ මාලිංග වැඩිදුරටත් සඳහන් කරන්නේ නුවන් කුලසේකර, ප්‍රභාත් නිශ්ශංක වැනි හිටපු ක්‍රීඩකයින් පුහුණුකරුවන් ලෙස ජාතික තලයට ගෙන ඒමට කාලය එළැඹ ඇති බවය.

තමන් පසුගිය වසර කිහිපය තුළදී ඔවුන් සමග පුහුණුකරුවෙක් ලෙස කටයුතු කර ඇති බවත් එහිදී ඔවුන්ගේ දක්ෂතා සහ ප්‍රවීණත්වය දුටු බවත් මාලිංග වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර උපුල් තරංගට සුබපැතුම් එක්කරමින් මාලි වැඩිදුරටත් සඳහන් කරන්නේ ඉදිරි වසරේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ගොඩනැගීම සඳහා තේරීම් කමිටුව සුවිශේෂී මෙහෙයක් සිදුකරනු ඇති බවට තමන් බලාපොරොත්තු වන බවය.

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ උපුල් තරංගගේ සභාපතීත්වයෙන් යුත් නව තේරීම් කමිටුවක් පත්කිරීමට කටයුතු කරන බවය.

එම තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන අජන්ත මෙන්ඩිස්, තරංග පරණවිතාන හා දිල්රුවන් පෙරේරා යන තිදෙනා පත් කිරීමට නියමිත බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි .

ඒ අනුව නව තේරීම් කමිටුවේ පළමු කාර්ය වන්නේ 2024 වසරේ ජනවාරි මාසයේදී සිම්බාබ්වේ සමඟ පැවැත්වෙන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය තෝරා ගැනීමය.