අලුත උපන් බබෙක් බලන්න තෑගී විතරක් අරන් ගිහින් මදි.
අලුත උපන් චූටි බබාලා බලන්න යන්න ආසයි නේද? පවුලේ කාගේ හරි, අනිත් නෑදෑ කාගේ හරි නැත්නම් යාලුවන්ගේ බබාලා බලන්න යනවා. ඒ බබාව බලන්න තියෙන ආසාව විතරක්ම නෙවෙයිනේ. අපි එක අපේ යුතුකම් ඉෂ්ඨ කිරීමක් ලෙස සලකනවා. ඒ වගේම හිතනවා බබාව බලන්න ගියේ නැත්නම් ඒ ගෙදර මිනිස්සු තරහ වෙයි කියලා. එහෙමත් නැත්නම් සිරිතක් විදිහට හිතලා බබාව බලන්න යනවා. හැබැයි ඔය මොන විදිහට අලුත උපන් බබාලා බලන්න ගියත් තෑගීබෝග විතරක් නම් අරන් ගිහින් මදි. මොකද ඊට කලින් හිතන්න දේවල් ගොඩක් තියෙනවා. වර්තමානයේ තියෙන්නේ නොදියුණු සමාජයක් නෙවෙයි. ඒ නිසා මේ දේවල් ඔබටත්... අලුත උපන් බබාලා ඉන්න දෙමව්පියන්ටත් හොඳින්ම තේරුම් ගන්න පුළුවන්.
🤱 බබා බලන්න එකපාර නොකියාම එහි යන්න එපා. බබාගේ දෙමව්පියන් එන්න කියලා කිවුවොත් විතරක් යන්න.
🤱 ඔබට අසනීප තත්වයක්, හෙම්බිරිස්සාව වගේ ගතියක් තිබෙනවා නම් අලුත උපන් බබාලව බලන්න යන්න එපා.
🤱 බබා බලන්න ගිය පසු එහි දිගු වේලාවක් ගත කරන්න එපා. පුළුවන් තරම් ඉක්මනින් ආයේ එන්න බලන්න. සමහර විට ඔවුන්ගේ ඉල්ලීම මත ටික වෙලාවක් සංග්‍රහ කටයුතු බුක්ති විදින්න සිදුවේවි.
🤱 බබාව වඩා ගන්න ඔයාලට ආස හිතෙයි. ඒත් කොයිම වෙලාවකවත් ඒ බබාගේ දෙමව්පියන්ගෙන් අහන්නෙ නැතුව ඒ වැඩේ නම් කරන්න යන්න එපා. එයාලා අකමැති වගේ නම් කොහොමත් වඩා ගන්න ඉල්ලන්න එපා.
🤱 බබාව වඩා ගන්න කලින් දෑත් පිරිසිදු කරගන්න. මේ දවස්වල නම් මේ බෝ වෙන ලෙඩ තියෙන කාලයේ කොහොමත් මාස්ක් එක දාගෙනම ඉන්න.
🤱 බබාව වඩාගන්නවා නම් තද සැර සුවඳ විළවුන් ගල්වාගෙන යන්න එපා.
🤱 බබාව වඩා ගත්තට පස්සේ අනවශ්‍ය විදියට දිගටම වඩාගෙන ඉන්නත් එපා.
🤱 දුර දිග හිතන්නේ නැතුව හිතට එන එක එක ඒවා උපදෙස් බබාගේ දෙමවුපියන්ට දෙන්න යන්න එපා. උපදෙස් වලට වඩා ඒ බබාගේ දෙමව්පියන්ට (විශේෂයෙන්ම අම්මාට) ඕන කරන්නේ එයාලගේ මේ දවස්වල තියෙන අපහසුතා ගැන විමසලා ඔවුන්ගේ හිත හැදෙන්න වචනයක් දෙකක් කියන්න.
🤱 බබා ගේ බාහිර ස්වරූපය ගැන වගේම බබාගේ අම්මගේ ඇග පත සහ බාහිර පෙනුම ගැන එක එක ගොන් කතා කියවන්න යන්න එපා.
🤱 බබා බලන්න යන ගෙදරින් ලොකු ලොකු සැලකිලි බලාපොරොත්තු වෙන්න එපා. අලුත උපන් බබා ගේ දෙමව්පියන්ගේ මානසික මට්ටම ගැනත් හිතන්න ඕන.
🤱 ඒ වගේම බබාව ඉඹින්න යන්න එපා.
🤱 බබාගේ photos ගන්න යන්නත් එපා. මොකද Flash light වලින් බබාගෙ ඇස් වලට හානි වෙනවා.
🤱 බබාලා බලන්න යනකොට මල් පොකුරු ගෙනියන්න එපා. ඒවායේ ඇසට නොපෙනෙන රේණු සහ පරාග වගේ දේවල් බබාට ආශ්වාස කරන්න හොඳ නැහැ.
🤱 ඒ ගෙදර තව වැඩිහිටි දරුවෙක් ඉන්නවා නම් එයාලටත් මොනාහරි ගෙනියන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |