මුහුදු මාර්ගයෙන් හොර රහසේ රට පැනීමට උත්සාහ කළ 85කට නොසිතූ වෙලාවක අත් වූ ඉරණම..
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මඩකලපුව මුහුදු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දී අද (11) අලුයම දී සිදු කළ මුර සංචාරයක දී නීතිවිරෝධීව මුහුදු මාර්ගය ඔස්සේ රටින් පිටවීමට උත්සාහ කළ 85 දෙනෙකු තම භාරයට ගෙන ඇත.
මෙම වැටලීම සිදු කරන අවස්ථාවේදී අදාළ සැකකරුවන් බහුදින ධීවර යාත්‍රාවක් උපයෝගී කරගනිමින් රටින් පිටවීමට උත්සාහ කරමින් සිටි බව නාවික හමුදා මාධ්‍ය අංශය පැවසුවේ ය.
මෙම සැකකරුවන් අතර වයස අවුරුදු 18ට වැඩි පිරිමි පුද්ගලයින් 60ක්, කාන්තාවන් 14ක් සහ වයස අවුරුදු 18ට අඩු 11 දෙනෙකු ද යාත්‍රාවේ සිට තිබෙන අතර මෙලෙස නාවික හමුදා භාරයට පත් පුද්ගලයින් පිරිස මඩකලපුව, ත්‍රිකුණාමලය, මූතූර්, කිලිනොච්චිය, යාපනය සහ මඩු යන ප්‍රදේශයන් හි පදිංචිකරුවන් වේ.
මේ අතර නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්යය බලකාය එක්ව මඩකලපුව - මොහොත්තිවාරම් වෙරළ ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් මගින් රණවික්‍රම නෞකාව මගින් නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව වෙත ගොඩබිම සිට පුද්ගලයින් ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන ඩිංගි යාත්‍රා හතරක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එම සැකකරුවන් සහ ඩිංගි යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා කාත්තන්කුඩි පොලීසිය වෙත භාර කෙරුණේ ය.