නිතිවිරෝධිව රට පනින්න උත්සහ කළ 26කට වැඩ වරදියි..

Sri Lanka Police Sri Lanka
By krishani Sep 17, 2022 05:03 AM GMT
Report

නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට යාමට උත්සාහ කළ 26 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙන අතර ඒ මාමුනෙයි මුහුදු ප්‍රදෙශයේදිය.

බෝට්ටුවකින් හා ට්‍රෝලර් යාත්‍රාවකින් මෙම පිරිස ඕස්ට්‍රේලියාවට යාමට උත්සාහ කර ඇති අතර එම යාත්‍රා දෙකෙහි කාර්ය මණ්ඩලය 04ක් සහ තවත් 22 ක් මෙම පිරිස අතර වේ.

ඔවුන් වයස අවුරුදු 22ත් 50ත් අතර වයස්වල පසුවන අය අතර ළමුන් 03න් දෙනෙකුද ඒ අතර සිටින බව නාවික හමුදාව ප්‍රකාශ කළේ ය.

මෙම පිරිස පුනරින්, කිලිනොච්චි, කුඩත්තේ හා වාලච්චේන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.