ඉදිරි මැතිවරණයට වෙන්කර ඇති මුදල පිළිබඳව විශේෂ ප්‍රකාශයක්..!
Election Commission of Sri Lanka
Parliament of Sri Lanka
Ranjith Siyambalapitiya
Government Of Sri Lanka
Local government Election
By Sewvandhi
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද දින ජනපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට රුපියල් බිලියන 10 ක ප්‍රතිපාදන වෙන් කර තිබෙන බවයි.
මුදල් රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේ එම ප්‍රතිපාදන අයවැය යෝජනා තුළින් ඉදිරිපත් නොකළද ඇස්තමේන්තු සදහා ඇතුළත් කර තිබෙන බවයි.
එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරට ලබා දෙන විස්තීරණ ණය පහසුකමේ දෙවන වාරිකය නිදහස් කිරීම සම්බන්ධව සාකච්ඡා කිරීමට එහි විධායක කමිටුව දෙසැම්බර් 6 වැනිදා වැනි දා රැස් වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරේය.