ස්පා එකක වැඩට ඇවිත් ආපසු යන්න වුණේ මෙහෙමයි.. සිදුවූ විපත

Sri Lanka Sri Lanka Police Investigation
By Sithumi Sep 05, 2023 03:14 PM GMT
Report

මීගමුවේ පිහිටි සම්භාහන ආයතනයක සේවය ගනිමින් සිට මැදිවියේ පුද්ගලයකු හදිසියේ රෝගාතුර වී රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇතැයි  මීගමුව පොලිසිය පවසනවා.

රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවේ මියගිය අය කාගේ කවුදැයි තවමත් හඳුනාගෙන නොමැති අතර ඊයේ රාත්‍රී සම්භාහනයේ යෙදී සිටියදී  රෝගීවීමෙන් පසු  1919 හදිසි ගිලන් රථයකින්  මධ්‍යම රාත්‍රී 12.00 පමණ මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බවයි.

- සිතුමි -