"..මට තාම අවුරුදු 19යි..පෙම්වතෙක් නෑ , මාව ආදරෙන් බලාගන්න කෙනෙක් මගේ පෙම්වතා වෙනවනම් මම කැමතියි.." (PHOTOS)

Gossip Today SL Actress Gossips
By Sewvandhi Jan 19, 2023 10:09 AM GMT
Report

මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන පාර දිගේ වගේම දිව්‍යාදරී කියන ටෙලි නිර්මාණ දෙක හරහාම ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි නවිදි රැපියෙල් කියලා කියන්නේ. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇයට තවම වයස අවුරුදු 19යි කියලයි ඇය කියන්නේ. ඒ වගේම මේ වෙද්දි ඇය රංගන ශිල්පිනියක් වගේම ව්‍යාපාර කළමනාකාරණය පිළිබඳ උපාධිය හදාරන විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් විදිහට කටයුතු කරනවා කියලත් ඇය කියනවා. ඉතින් ඇයගේ තාත්තා සංගීතඥයෙක්.

ඒ වගේම ඇයගේ මල්ලිත් ඇයට කලින් ඉඳලම රංගන ශිල්පියෙක් විදිහට කටයුතු කරනවා. ඒ නිසාම ඇයටත් ඉස්සර ඉදන්ම අදහසක් තිබුණාලු කලාවට සම්බන්ධ වෙන්න ඕන කියලා. ඉතින් ඇය මුලින්ම ක්ෂේත්‍රයට එන්නෙ වෙළෙඳ දැන්වීම් නිරූපිකාවක් විදිහට.

ඊට පස්සේ තමයි ප්‍රදීප් ධර්මදාස මහතා ඇයට දිව්‍යාදරී ටෙලි නාට්‍යයේ තුශීගේ චරිතය රඟපාන්න ආරාධනා කරළා තියෙන්නේ. ඉතින් ඒ අතරතුර සද්දාමංගල සූරියබණ්ඩාර මහතාගෙනුත් ඇයට ආරාධනාවක් ලැබිලා තියෙනවා පාරදිගේ ටෙලි නාට්‍යයේ රංගනයට දායකවෙන්නෙ කියලා.

කොහොම නමුත් ඇය රංගනයෙන් දායක වෙන දිව්‍යාදරී ටෙලි නාට්‍යයේ තුශී වගේ ඇය ඇත්තටම නපුරු කෙනෙක් නෙවෙයි කියලයි නවිදි නම් කියන්නේ. මොකද සාමාන්‍යය ජීවිතයේදි ඇය පාඩුවෙ ඉන්න කෙනෙක් නිසා. ඒ වගේම දැන් ඇයට දිව්‍යාදරී ටෙලි නාට්‍යයෙ තුශීගේ චරිතයට වගේම පාරදිගේ ටෙලි නාට්‍යයේ දිල්කිගෙ චරිතයටත් මේ දවස්වල ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා කියලත් ඇය කියනවා.

ඉතින් ඒ වගේම ආදරය කියන්නෙ හරිම ලස්සන දෙයක් නිසා ආදරය නැතිව අපි කාටවත් ජීවත්වෙන්න බැහැ කියලයි ඇය කියන්නේ. කොහොම නමුත් මේ වෙද්දි නම් ඇය පෙම්වතියක් නෙවෙයිලු. නමුත් ඇය තාම ඇයගේ දෙමව්පියන්ගෙන් විතරක් ආදරය ලබන කෙනෙක් කියලත් නවිදි කියනවා.

ඉතින් ඇයව හොඳින් බලාගන්න, ඇයගේ වැඩකටයුතුවලට සහයෝගය දෙන කෙනෙක් ඇයගේ පෙම්වතා වෙනවා නම් ඇය ගොඩක් කැමැතියි කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇඳගෙන ඉන්න අමාරු නැති පහසු ඇඳුම් අඳින්න තමයිලු ඇය වැඩිපුර අඳින්න කැමැති.

ඉතින් හොඳටම දන්න යාළුවො හම්බෙන්න යන වෙලාවක නම් ෂර්ට්, කොට කලිසම් තමයිලු ඇය වැඩිපුර අඳින්නෙ. ඒ වගේම දිග ඇඳුම්ද කොට ඇඳුම්ද කියලා නැහැ, ඇයව ලස්සනට පේන සුවපහසු ඇඳුමක් නම් ඒක අඳිනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.(උපුටාගැනීමක්)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGallery