හරක් හොරකමේ ගිය නාවික සෙබළා

Anuradhapura Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Aug 06, 2022 08:39 AM GMT
Report

එළ ගවයන් තිදෙනකු සොරාගෙන රුපියල් ලක්ෂ තුනක මුදලකට අලෙවි කළ නාවික හමුදා සෙබළකු හොරොව්පොතාන විලේවැව ප්‍රදේශයේදී අද උදෑසන සැකපිට අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ නාවික හමුදා මූලස්ථානයේ සේවය කරමින් සිට නිවාඩු ලබා පැමිණ සිටී හොරොව්පොතාන විලේවැව ප්‍රදේශයේම පදිංචි විසි නව හැවිරිදි සෙබළෙකි.

ආහාර ගැනීම සඳහා මුදා හැර සිටි තම එළ ගවයන් තිදෙනකු අතුරුදන් වී ඇතැයි පවසමින් හොරොව්පොතාන විලේවැව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු විසින් ඊයේ (05) පොලිසියට පැමිණිලි කර තිබිණි. ඒ අනුව පොලිසිය සිදු කළ විමර්ශනයකින් පසුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. තම බිරිඳගේ පාර්ශවයෙන් දෑවැද්දට ලැබුන එළ ගවයන් බව පවසමින් සැකකරු විසින් මෙම සොරා ගත් ගවයන් තිදෙනා හොරොව්පොතාන මුස්ලිම් වලහවිද්දවැව ප්‍රදේශයේ පුද්ගලයකුට විකුණා ඇති බව පොලීසිය වැඩිදුරටත් කියයි.

පසුව සොරකම් කළ ගවයන් තිදෙනා මුදලට ලබා ගත් පුද්ගලයාගේ නිවසේ සිටියදී පොලිසියස් බාරයට ගෙන තිබේ. සැකකරුගේ නිවසේ කළ සෝදිසි කිරීමකදී ගවයන් විකුණා ගත් මුදලින් ලක්ෂ එකහමාරක මුදලක් සොයා ගැනීමට හැකි වූ බව පවසන පොලිසිය මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවද පැවසීය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now