ලොව විශාල අවි ගබඩාව ආරක්ෂා කරන ඩොල්ෆින්ලගේ ශරීරයේ සවි කෙරූ කැමරා වල පටිගත වූ දේවල්. (VIDEO)

By Wayomi Aug 22, 2022 11:55 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව විසින් විවිධ ආරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරනවනේ. ඉතින් ඒ විදිහට ඔවුන් අනුගමනය කරන තවත් එක් ක්‍රමවේදයක් තමයි සතුන් පුහුණු කිරීම. ඒ අතරින් පුහුණු කරපු ඩොල්ෆින් මතස්‍යයයෙක් යොදා ගනිමින් ඔවුන් විශේෂ රූගත කිරීමක් කරලා තියෙනවා. ඒ, ඩොල්ෆින් මතස්‍යයන්ගේ ශරීරයේ සවි කෙරූ කැමරා මඟින් මෙම මතස්‍යයන් ජලය යට හැසිරෙන ආකාරය නිරීක්ෂණය කරලා තිබුණා.

🐬 එහිදී එම මතස්‍යයින් සාගරය මත වේගයෙන් පිහිනා යන අතර තුර එහි සිටින සාමන්‍ය ප්‍රමාණයේ මතස්‍යයින් ගොඳුරු කර ගන්නා ආකාරය සහ ගොඳුරක් ලබා ගත් අවස්ථාවේදී සහ ගොඳුරක් ලබා ගැනීමට ආසන්න වනවාත් සමඟ ඔවුන් නිකුත් කරන නාදයන්ද වීඩියෝවේ පටිගත වී තිබෙනවා.

🐬 ඇමරිකා නාවික හමුදාව සතු මෙම ඩොල්ෆින් මතස්‍යයින්ට විවෘත සාගර මත පිහිනා යාමට අවසර නොමැති බවත්, පර්යේෂණ කණ්ඩායම් ඔවුන්ගේ පර්යේෂණ උදෙසා අමරිකානු නාවික හමුදාවෙන් ලබාගත් විශේෂ අවසරය මත කැලිෆෝනියා වෙරළ ආශ්‍රිතව සහ සැන් ඩියාගෝ බොක්ක ආශ්‍රිත කලාපයේ අඳාළ පර්යේෂණය සිදු කළ බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

🐬ඔවුන් මෙම ඩොල්ෆින් මතස්‍යයන් පුහුණු කරනු ලබන්නේ, සිය සතුරු කිමිදුම්කරුවන් හඳුනා ගැනීමටත්, නැව් හෝ සබ්මැරීන ස්පර්ශ වීමේදී සහ දුරස්ථ පාලක මගින් පුපුරවා විනාශ කිරීම සඳහා සාගරය යට ස්ථානගත කර ඇති “Sea mines” හඳුනා ගැනීමට මෙන්ම ඇමරිකාව සතු න්‍යෂ්ටික යුධ ශීර්ෂ 9962 න් 25% ක් පමණ තබා ඇති බැන්ගෝර් වොෂින්ටන් නාවික කඳවුර ආශ්‍රිතව පවතින ලොව විශාලතම තනි න්‍යෂ්ටික අවි ගබඩාව ආරක්ෂා කිරීම සඳහායි.  


A Navy dolphin hunting off San Diego Bay. - Click Here



ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW