නාවලපිටිය රත් වෙයි.! පොලීසිය හා විරෝධතාකරුවන් ගැටේ..නවතම දර්ශන මෙන්න...(VIDEO)
Sri Lanka Police
Sri Lankan protests
Sri Lanka
Sri Lanka Podujana Peramuna
Sri Lanka Anti-Govt Protest
By Sewvandhi
නාවලපිටිය, කොත්මලේ මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක් පැවැත්වීම හේතුවෙන් සමගි ජන බලවේගයේ සාමාජිකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
ජීවන වියදම ඉහළයෑම ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමින් නාවලපිටිය නගර මධ්‍යයේ අද (16) එම උද්ඝෝෂණය ආරම්භ කර තිබුණේ සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජිව මහතා ඇතුළු පිරිසක් විසිනි.
පසුව එම පිරිසක උද්ඝෝෂණය සිදුකිරීමට නාවලපිටිය දිස්ත්‍රික් රෝහල අසල සිට නාවලපිටිය නගරයට පැමිණෙන අතරතුර නාවලපිටිය පොලීසියේ නිලධාරීන් ශබ්ද විකාශන යන්ත්‍ර මගින් නාවලපිටිය නගර මධ්‍යයේ උද්ඝෝෂණයක් සිදුකිරීමට අවසර ලබාගෙන නොමැති බව පවසා තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |