30 පැනපු ගමන් කොණ්ඩය සුදු වෙනවද? මෙන්න ඒකට ස්වභාවික හොඳම විසඳුම.

By Wayomi Jul 07, 2022 10:28 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ගැහැණු පිරිමි භේදයකින් තොරව හැමෝම රූපේ ගැන වද වෙනවනේ.තරුණ කාලේ වගේ නෙවෙයි 30 පැන්න ගමන්ම ගොඩක් දෙනෙකුගේ කොණ්ඩය සුදු වෙන්න පටන් ගන්නවා. වයසට යාමත් එක්කම විතරක් නෙවෙයි වයස් භේදයකින් තොරව පීනස රෝගය තියෙන අයගෙත් හිසකෙස් සුදු වෙනවා.  

මේකට විසඳුම් ලෙස බොහෝ දෙනෙක් කරන්නේ කොණ්ඩය කලර් කරන එක, නැතිනම් හෙනා කරනවා. හැබැයි හෙනා කරන එක හොඳ විසඳුමක් නෙවෙයි. මොකද කාලයක් යනකොට හිසකෙස් මලකඩ කාලා වගේ අවර්ණ වෙනවා, දම් පාට වගේ කැත චොර පාට පාට පෙනුමක් ගන්නවා. එහෙමයි කියලා කලර් එක නැතිවෙලා යනකොට රසායනික ඩයි වර්ග භාවිතා කිරීමත් එතරම් සුදුසු නැහැ. ඒකත් හොඳම විසඳුම නෙවෙයි.

ඉතින් මේ කියන යන්නේ සුදු හිසකෙස් කළු කරන ස්වභාවික ආයුර්වේද ආලේපනයක් ගැනයි. මේකෙන් හිසකෙස් වලටවත්, හිස් කබලටවත් කිසිම අයුරකින් ඔබට හානිය වෙන්නේ නැහැ. ලොකු කුඩා කාටත් මේක හොඳම විසඳුමක්.

ආලේපනය සාදාගන්න අවශ්‍ය අමු ද්‍රවය

💚 සිහින්ව ලියා ගත් රතු ළූණු 250g යි

💚 සිහින්ව අඹරාගත් අඹරා ගත් සුදු ළූණු ග්‍රෑම් 100යි

💚 ඉතාම සිහින්ව අඹරාගත් බී ළූණු ග්‍රෑම් 200යි

💚 පොල් තෙල් බෝතල් භාගයයි.

💚 ඉතාම සිහින්ව කපාගත් කරපිංචා කෝප්ප 2යි.

💚 කැමති නම් කෝමාරිකා මඳ, වෙරළු කොළ එහෙමත් යොදාගන්න පුළුවනි.  


සාදාගන්නා ආකාරය

💚 මුලින්ම ඝනකම් මැටි මුට්ටියක් ගෙන මේ සියල්ලම එයට දමන්න.

💚 පසුව මද ගින්නේ පැය තුනක් රත් කරන්න.

💚 දිගටම හැදිගාමින් මිශ්‍රණය ඝන වී කළු පැහැ ගන්වන්නට දෙන්න.

💚 තරමක් ඝන කළු මිශ්‍රණයක් (හෙනා මිශ්‍රණයට සමාන මිශ්‍රණයක්) ආ පසුව ළිපෙන් බා ගන්න.

💚 දැන් මේ මිශ්‍රණය කට පළල් වීදුරු බෝතලයක දමා ගන්න.   


🧡 රාත්‍රී නින්දට පෙර මේ ආලේපනයෙන් කෝප්ප භාගයක් ගෙන සුදු කෙස් වල සහ හිස් කබලේ හොඳින් තවරන්න. විනාඩි හතලිහක් තබා අනවශ්‍ය ටික ඉවත් කරන්න.

🧡 ළූණු ගඳ සමඟ නිදාගන්න බැරි නම්, දහවල් කාලයේ මේ ආලේපනය ආලේප කර විනාඩි 40ක් තබා පසුව සෝදා හරින්න.

🧡 මේ මිශ්‍රණය දිනපතා ආලේප කළා කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ.


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW