ගෙදරදීම හදාගත්ත ස්වාභාවික ස්ක්‍රබ් වලින් ලස්සන වෙන්න.

By Wayomi Jul 19, 2022 10:44 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

අද කෙල්ලෝ විතරක් නෙවෙයි කොල්ලත් රූපලාවන්‍ය සත්කාර වලට මුල් තැන දෙනවනේ. ඔය රූපලාවන්‍ය සත්කාර අතරින් වැදගත්ම සත්කාරයක් තමයි ස්ක‍්‍රබ් කිරීම. ස්ක‍්‍රබ් එකකින් කරන්නේ සමේ තිබෙන මැරුණු සෛල ඉවත් කිරීම. හරියටම කියනවා නම් සමේ පැහැපත් බව නැතිවීම, කළුලප ඇතිවීම, දුර්වර්ණවීම සහ අපිරිසුදු ස්වභාවය නැති කරන එක. කරනවා නම් ඉතින්‘Body Scrub’ තියෙනවා ‘Face Scrub’ තියෙනවා. කැමති දෙයක් කරන්න පුළුවන්. වෙළඳපොලෙන් ස්ක්‍රබ් මිලදී ගැනීම අනවශ්‍ය වියදමක් වෙන්න පුළුවන්. සමහර ඒවායේ රසයානික අමුද්‍රව්‍යත් අඩංගු වෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඒ ගැන වැඩිය හිතන්නේ නැතිව ගෙදරදීම මෙන්න මේ ස්වාභාවික ස්ක්‍රබ් හදාගෙන පාවිච්චි කරන්න.

කෝපි කුඩු ස්ක්‍රබ්

කෝපි වල අඩංගු කැෆේන් මඟින් මුහුණේ සම මත රුධිර සංසරණය වේගවත් කරල මුහුණට දීප්තිමත් බවක් සහ තරුණ පෙනුමක් ලබාදෙනවා. ඒ වගේම කෝපි වල අඩංගු ප්‍රතිඔක්සීකාරක ගුණය මඟින් හානිවූ සම නැවත යථාතත්ත්වයට පත්කරනවා. වඩාත් හොඳ ප්‍රතිපල සඳහා මෙම මිශ්‍රණය සතියකට දෙපාරක් විතර පාවිච්චි කරන්න.

අවශ්‍ය ද්‍රව්‍ය

💆‍♀️ කෝපි කුඩු තේ හැඳි 3

💆‍♀️ යෝගට් කෝප්ප භාගයක් (අධික වියලි සමක් ඇති කෙනෙකුටනම් මේ වෙනුවට කිරි හාවිතා කරන්න පුළුවන්)

සාදාගන්න ආකාරය

💆‍♀️ දෙකම් එකට කලවම් කරලා ඝණ මිශ්‍රණයක් හදාගන්න.

💆‍♀️ පසුව මුහුණ මත ආලේප කරලා විනාඩි 8-10ත් අතර කාලයක් හොඳින් මසාජ් කරන්න.

💆‍♀️ සීතල වතුරෙන් සෝදා හරින්න.  


දුඹුරු සීනි ස්ක්‍රබ්

මෙමඟින් මුහුණ මත තියෙන අඳුරු ලප කැළැල් ඉවත් කරගන්න වගේම මුහුණට හොඳ තෙතමනයක් ලැබෙනවා.

අවශ්‍ය ද්‍රව්‍ය

💆‍♀️ දුඹුරු සීනි

💆‍♀️ පොල්තෙල්.

සාදාගන්න ආකාරය

💆‍♀️ සීනි මේස හැඳි දෙකකට පිරිසිඳු පොල්තෙල් මේස හැන්දක් එකතු කරලා හොඳින් මිශ්‍ර කරගන්න.

💆‍♀️ ඉන්පසුව මුහුණ මත ආලේප කර විනාඩි 5ක් පමණ කාලයක් වියලෙන්න හරින්න.

💆‍♀️ ඊළඟට ඒ මිශ්‍රණය ඇඟිලි තුඩු මතින් මුහුණ පුරා ආලේප කරමින් හොඳින් ස්ක්‍රබ් කරගන්න.

💆‍♀️ පසුව ඇල් ජලයෙන් සෝදා හරින්න 


සහල් සහ බිත්තර ස්ක්‍රබ්

අවශ්‍ය ද්‍රව්‍ය

💆‍♀️ සහල් මේස හැඳි 2ක්

💆‍♀️ බිත්තර සුදු මදයක්

සාදාගන්න ආකාරය

💆‍♀️ මුලින්ම සහල් ටික බ්ලෙන්ඩර් එකකට දමාගෙන කුඩු කරගන්න.

💆‍♀️ කුඩු කරගත්ත සහල් වලට බිත්තර සුදු මදය එකතු කර තලපයක් වනතුරු මිශ්‍ර කරන්න.

💆‍♀️ මේ මිශ්‍රණය මුහුණ මත අලේප කර හොඳින් සම්බාහනය කරන්න.

💆‍♀️ අවසානයේ මද උණුසුම් වතුරෙන් සෝදා හරින්න. 


සහල් සහ කෝමාරිකා ස්ක්‍රබ්

අවශ්‍ය ද්‍රව්‍ය

💆‍♀️ කුඩු කරගත් සහල් මේස හැඳි දෙකක්

💆‍♀️ සූරාගත් කෝමාරිකා මදය

සාදාගන්න ආකාරය

💆‍♀️ මේ වර්ග දෙක එකට මිශ්‍ර කරලා මුහුණ මත ආලේප කරලා හොඳි ස්ක්‍රබ් කරගන්න.

💆‍♀️ අවසානයේ මද උණුසුම් වතුරෙන් සෝදා හරින්න. 


ලෙමන් යුෂ ස්ක්‍රබ්

අවශ්‍ය ද්‍රව්‍ය

💆‍♀️ ලෙමන් යුෂ තේ හැඳි භාගයක්

💆‍♀️ වතුර තේ හැඳි එකක්

💆‍♀️ ලුණු කුඩු තේ හැඳි එකක්

සාදාගන්න ආකාරය

💆‍♀️ මේ සියල්ල එකතු කරල සකස් කරගන්න මිශ්‍රණය මුහුණ මත අලේප කරල ස්ක්‍රබ් කරගන්න.

💆‍♀️ අවසානයේ මද උණුසුම් වතුරෙන් සෝදා හරින්න.

💆‍♀️ හැබැයි මේ ස්ක්‍රබ් එක භාවිතා කරල එළිමහනේ ඇවිදින්න යයන්න එපා. හිරු එළියට නිරාවරණය වන්න එපා. යනවා නම් sun cream එකක් ගාන්න.  


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW