බස් හිමියන්ගෙන් සභාපති ඇතුළු නිළධාරීන්ට මරණ තර්ජන
බස් ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිළධාරීන් සහ බස් හිමියන් අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව බස් හිමියන් විසින් කාර්යාලීය පරිශ්‍රයේ දී කලහකාරී ලෙස හැසිරී කොමිෂන් සභාවේ නිළධාරීන්ට මරණීය තර්ජන එල්ල කර තිබෙනවා.
එමෙන් ඔවුන් විසින් කාර්යාලයේ සෙසු නිළධාරීන්ට දුරකථන මාර්ගයෙන් අසභ්‍ය වචනයෙන් බැන වැදී ඔවුන ඝාතනය කරන බවට ද තර්ජනය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිතුමා සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නාරහෙන්පිට පොලිසියට කර තිබෙනවා.
මෙම සිද්දිය පිලිබඳ අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වා කොමිෂන් සභාවේ නිළධාරීන්ගේ රාජකාරියට බාධා කල බස් හිමියන් හට නීතිමය කටයුතු කරන මෙන් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන විසින් අමාත්‍යාංශ ලේකම් ආර්.ඩබ්.ආර් පේමසිරි මහතාට උපදෙස් ද ලබා දී තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |