ජාතික හැඳුනුම්පත් නිකුත් කිරිමේ ගාස්තු ඉහළට..

Sri Lanka Government Of Sri Lanka
By krishani Oct 14, 2022 02:33 AM GMT
Report

ලබන මස 1 වනදා සිට බලපැවැත්වෙන පරිදි ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ ගාස්තුව ඉහළ නංවා ඇත.

ඊට අදාළ ගැසට් නිවේදනය මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් ඊයේ (13) නිකුත් කළ අතර එහි දැක්වෙන්නේ රුපියල් 100ක් ව පැවති නව ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමේ ගාස්තුව රුපියල් 200 දක්වා ඉහළ නංවා ඇති බවත්  සංශෝධනය කර යළි ලබාගන්නා හැඳුනුම්පත් සඳහා රුපියල් 250ක් ව පැවති ගාස්තුව රුපියල් 500ක් දක්වා ඉහළ නංවා ඇති බවත් ය.

අස්ථානගත වීමෙන් පසු යළි හැඳුනුම්පතක් ලබාගැනීමේ දී අය කෙරෙන ගාස්තුව රුපියල් 500කින් ඉහළ නංවා ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


GalleryGallery