ජාතික ඉන්ධන බලපත්‍රයේ QR ක්‍රමය ගැන, ශ්‍රී ලංකා රක්ෂණ සංගමයෙන් විශේෂ දැනුම්දීමක්..!

Sri Lanka Minister of Energy and Power Sri Lanka Fuel Crisis National Fuel Pass
By Sewvandhi Jul 20, 2022 03:44 PM GMT
Report

ඉන්ධන බලපත්‍රය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල්වල රක්ෂණය අවලංගුවන බවට පැතිර යන පුවත අසත්‍ය බව ශ්‍රී ලංකා රක්ෂණ සංගමය පවසයි.

එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රියා පටිපාටිය සම්බන්ධයෙන් රක්ෂණ ක්ෂේත්‍රයේ කිසිදු ආයතනයක් විරෝධය පළකර නොමැති බවය. 

ඉන්ධන බලපත්‍රය භාවිත කිරීමත් සමඟ අදාළ ඉන්ධන පිරවුම්හල්වල රක්ෂණය අවලංගුවන බවට සඳහන් පුවත් කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීමත් සමඟ ශ්‍රී ලංකා රක්ෂණ සංගමය විසින් මෙම පැහැදිළි කිරීම සිදුකර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ සියළුම ආයතන නියෝජනය කරනු ලබන ආයතනය ලෙස ශ්‍රී ලංකා රක්ෂණ සංගමය (IASL) එලෙස පැතිර යන  තොරතුරුවල නිරවද්‍යතාවයක් නොමැති බව තහවුරු කර සිටී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now 


Gallery