නතාෂා එදිරිසූරියට ඇප. - තව දුරටත් ජුලි 19 දක්වා යළි රිමාන්ඩ්.

Sri Lanka
By Sewvandhi Jul 05, 2023 09:34 AM GMT
Report

බුදු දහම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක අදහස් පළ කර, රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නතාෂා එදිරිසූරිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ නියම කරනු ලැබුවා.

ඒ, ඇය වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

එම ඇප ඉල්ලීමට විරුද්ධ නොවන බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් කල දැනුම් දීමෙන් පසුව විනිසුරුවරයා ඇප නියෝගය ප්‍රකාශයට පත් කළා.

කෙසේ වෙතත් නතාෂා එදිරිසුරිය තව දුරටත් ජුලි 19 දක්වා යළි රිමාන්ඩ් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද උදේ නියෝග කළා.

මෙවන් පසුබිමකයි ඇය වෙනුවෙන් මහාධිකරණයට ඇප ඉල්ලීම සිදු කර තිබුණේ.