නව සඳ ගමනකට සැරසෙන නාසා මෙහෙයුම. (VIDEO)

NASA
By Wayomi Aug 28, 2022 05:08 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

“Artemis 1” ලෙස නම් කර ඇති නවතම චන්ද්‍ර මෙහෙයුම මඟින් 2025 වසර වන විට නැවතත් ගගනගාමීන් සඳ මතට රැගෙන යාම අරමුණු කර ගනිමින් නාසා ආයතනය විසින් තබනු ලබන පළමු පියවර හෙට (29) දින ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

? ඒ අනුව “Artemis 1” මෙහෙයුමට අදාළ අභ්‍යවකාශ ෂටලය එරට වෙලාවෙන් උදෑසන 8:33 සිට 10:33 ත් අතර කාල පරාසය තුළදී ෆ්ලොරිඩා හි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අභ්‍යවකාශ ගත කිරීමට සූදානම්.

? මේ අතර එම අභ්‍යවකාශ ෂටලය මඟින් ඔරායන් අභ්‍යවකාශ යානය සහ ඔරායන් අභ්‍යවකා යානය චන්ද්‍රයාගේ කක්ෂයකට යොමු කරවීම සඳහා භාවිතා වන Space Launch System එනම් අභ්‍යවකාශ යානය දියත් කිරීමේ පද්ධතියද රැගෙන යාමට නියමිතව තිබෙනවා.

? ඒ සමඟ චන්ද්‍රයා වෙත යොමු කරන ලද ඔරායන් අභවකාශ යානය සති කිහිපයක් චන්ද්‍රයා වටා කක්ෂ ගතව සිටිමින් එහි දෙවන අදියරේදී ගගනගාමීන් චන්ද්‍රයා වෙත ගෙන ඒම සඳහා සුදුසු පරිසරයක් තිබේදැයි කියා සිදු කරන නිරීක්ෂණ ඇතුළු තවත් පර්යේෂණ කිහිපයක් සිදු කිරීමට නියමිතයි.

? ඉන් අනතුරුව නැවතත් පැයට කිලෝමීටර් 40,000 ක පමණ වේගයකින් පෘථිවිය කරා පැමිණීමට නියමිත ඇති ඔරායන් අභ්‍යවකාශ යානය 2022 ඔක්තෝබර් මස 10 වන දින ඇමරිකාවේ සැන් ඩියාගෝ කලාපය ආශ්‍රිත පැසිපික් සාගරයට ගොඩ බැසීමට නියමිතව ඇත්තෙ දින 42 ක සම්පූර්ණ අභ්‍යවකාශ මෙහෙයුම් කාලයක් සහ කිලෝමීටර් මිලියන 2.1 ක් දක්වා සම්පූර්ණ අභ්‍යවකාශ ගමනාන්ත දුරක් අවසන් කරමින්.

? ඒ අනුව අදියර 3 ක් යටතේ ක්‍රියාත්මක වීමට නියමිතව ඇති මෙම නවතම චන්ද්‍ර මෙහෙයුමට අඳාළ පළමු අදියර එනම්, “Artemis 1” මෙහෙයුම තුළින් ගගනගාමීන් නොමැති අභ්‍යවකාශ යානයක් චන්ද්‍රියා වෙත ගමන් කිරීමත්, එයින් ලැබෙන පර්යේෂණාත්මක ප්‍රතිඵල මත “Artemis 2” මෙහෙයුමේදී ගගනගාමීන් සහිත අභ්‍යවකාශ යානයක් චන්ද්‍ර කක්ෂය දක්වා ගමන් කිරීමත්, එහි තුන්වන අදියර ලෙස “Artemis 3” හිදී ගගනගාමීන් සහිත අභ්‍යවකාශ යානාවක් චන්ද්‍රයා වෙත ගොඩ බැස්සවීමටත් සැලසුම් කර ඇති බව නාසා ආයතනය සඳහන් කරනවා. 



ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW


Gallery