පොලිස් නිලධාරියාගේ ගිනි අවිය ක්‍රියාත්මක වී මිය ගිය සිද්ධිය ගැන අමුතුම ආරංචියක්..
CID - Sri Lanka Police
Police spokesman
Sri Lanka Police
Gun Shooting
By Aruna
නාරම්මලදී ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් ලොරි රථ රියදුරෙකු මියයෑමේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරින් ගමන්ගත් යතුරුපැදිය ව්‍යාජ අංක තහඩු සවිකර භාවිත කළ එකක් බව හෙළි වී ඇතැයි වාර්තා වනවා.
කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට ඒ බව වාර්තා කර ඇත.
වැඩිදුරටත් අනාවරණ වී ඇති තොරතුරු අනුව, 2007 වසරේදී අලෙවිසලකින් මිලදී ගෙන ඇති එම යතුරුපැදිය මේ වන තෙක් ලියාපදිංචි කර නොමැති බවයි.
සිද්ධියට සම්බන්ධ සැකකාර උපපොලිස් පරීක්ෂකවරයා ලබන 16 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර අනෙක් පොලිස් නිලධාරියාගේ විදෙස් ගමන් තහනමක් ද කර ඇත.