ලෝකයේ මහ බැංකු අධිපතිවරුන්ගේ ශ්‍රේණිගත කිරීම් වලින් නන්දලාල් වීරසිංහ මහතාට ලැබුණු තැන..

Central Bank of Sri Lanka Nandalal Weerasinghe Sri Lanka
By Sewvandhi Sep 02, 2023 12:55 PM GMT
Report

ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාව 2023 අගෝස්තු 23 වනදා ලොව ඉහළම පෙළේ මහබැංකු අධිපතිවරුන්ගේ නම් ලැයිස්තුව ප්‍රකාශයට පත්කර තිබෙනවා.

එහිදී එය A+, A, සහ A- යන ඛාණ්ඩ යටතේ වර්ග කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම ශ්‍රේණිගත කිරීම සඳහා රටවල් 21ක් අන්තර්ගතවන අතර එහි A- ශ්‍රේණිගතකිරීම් අනුව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහද ඇතුළත්වන බව වාර්තා වී තිබෙනවා.

අදාළ ලැයිස්තුවේ A+ ඛාණ්ඩය යටතට ඉන්දියාව,ස්විට්සර්ලන්තය හා වියට්නාමය ඇතුළත්.

එමෙන් ම A ඛාණ්ඩය යටතේ බ්‍රසීලය, ඊශ්‍රායලය ,මොරිෂස්, නවසීලන්ත, පේරු සහ තායිවාන් යන රටවල් අන්තර්ගත වී ඇති අතර කොලොම්බියාව ,අයිස්ලන්තය ,ඉන්දුනීසියාව ,මෙක්සිකෝව, මොරොක්කෝව,නෝර්වේ ,දකුණු අප්‍රිකාව ,දකුණු කොරියාව යන රටවල් A- ශ්‍රේණියේ මහ බැංකු අධිපතිවරුන් සිටින රටවල් ලෙසයි ශ්‍රේණිගත වී ඇත්තේ.

සම්පූර්ණ නිවේදනය පහතින්.. 

Gallery