මූල්‍ය ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කෙරේ - මහ බැංකු අධිපති
ඩිජිටල් මුදල් ඒකකයන් පිළිබඳව මේ වනවිට ඉතා සුපරීක්ෂාකාරීව අධ්‍යයනය කරමින් සිටින බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සදහන් කරන අතර ඔහු පෙන්වා දෙන්නේ එය අපගේ ඉදිරි ගමන වෙනස් කිරීමට හැකි තීරණාත්මක සාධකයක් වනු ඇති බවය.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් නවදිල්ලි නුවරදී සංවිධානය කළ "දකුණු ආසියාවේ ප්‍රත්‍යස්ථ වර්ධනයට මාවත'' නමැති සංවාදය සඳහා එක්වෙමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඒ බව පවසා සිටිනවා.
ක්ෂේත්‍රයට අදාළ ජාතික තොරතුරු පද්ධතිය ඩිජිටල්කරණය කිරීම අපගේ නවතම සැලැස්ම. අපි ඒ දේ සිදුකිරීමට දැනටමත් ප්‍රමාදයි, අපි මේ වනවිට ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකරගෙන යනවා.
ඒ වෙනුවෙන් නව රෙගුලාසි පවා සකස් කරමින් පවතිනවා." "එය අවසන් වූ පසු එය වඩාත් ප්‍රයෝජනවත් වනවා වගේම ඉන් සියලුම මුල්‍ය ගනුදෙනු සඳහා සම්බන්ධ විය හැකියි. මුල්‍ය සාක්ෂරතාව සහ කාර්යක්ෂමතාවට එය ඉතාම වැදගත් වන අතර ඉන් අපගේ කාර්යන්හී ඵලදායිතාවය ඉහළ නැංවීමට අවස්ථාවක් කරගත හැකි වනවා."
"ඒ වගේම මහ බැංකුව ලෙස අපි ඩිජිටල් මුදල් ඒකකයන් පිළිබඳව මේ වනවිට ඉතා සුපරීක්ෂාකාරීව අධ්‍යයනය කරනවා. නමුත් අපි එම තැනට තවම පැමිණ නැහැ. එය අපගේ ඉදිරිගමන වෙනස් කිරීමට හැකි තීරණාත්මක සාධකයක් වනු නියතයි."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |