මහ බැංකු අධිපතිගෙන් සුබ ආරංචියක්..!

Central Bank of Sri Lanka Nandalal Weerasinghe Sri Lanka
By Sewvandhi Mar 09, 2023 10:01 AM GMT
Report

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සදහන් කලේ, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේදය අප්‍රේල් මාසය වනවිට නිවේදනය කිරීමට බලාපොරොත්තු වන බවයි.

ඔහු තවදුරටත් පවසන්නේ වාණිජ ණයහිමියන් සමඟ පැවැත්වෙන සාකච්ඡා තවත් කඩිනම් කිරීමටද බලාපොරොත්තු වන බවය.

එමෙන්ම,එතුමා සදහන් කලේ, ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත මූල්‍ය පැකේජයේ පළමු සමාලෝචනය මාස 6කදී සිදුකිරීමට නියමිත බවත් ඊට පෙර අදාළ සාකච්ඡා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමටත් හැකිවනු ඇති බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසන්නේ ශ්‍රී ලංකාවට බොහෝවිට මාර්තු 20 වනදා වනවිට විස්තීරණ මූල්‍ය පහසුකම ලැබෙනු ඇති බවට අනුමාන කරන බවය.

"විස්තීරණ මූල්‍ය පහසුකමට අදාළ මාණ්ඩලික මට්ටමේ එකඟතාවය නුදුරේදීම ප්‍රකාශයට පත්කරනවා. එහි අන්තර්ගතවෙනවා ණය ප්‍රතිව්‍යුහත කිරීම සඳහා අපේ වෑයම. එසේම මාධ්‍ය කාලීන අපේ ණය ඉලක්කයන් සම්බන්ධයෙන්ද එහි අන්තර්ගතයි. එමගින් දීර්ඝකාලීනව ණය තිරසර බව ඇතිකරගැනීම අපේ අපේක්ෂාවයි "


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now