වේදනාකාරී තීරණවලට එළැඹීමට සිදුවනවා - මහ බැංකු අධිපති

Central Bank of Sri Lanka Nandalal Weerasinghe Sri Lanka Economic Crisis Sri Lanka
By Sithumi Oct 20, 2022 01:57 PM GMT
Report

ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවකදී ඉන් ගොඩ ඒම සඳහා ඉතා වේදනාකාරි ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට සිදුවන බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

රටේ පවතින ආර්ථික තත්වය සහ බදු ප්‍රතිපත්ති පිළිබඳ ජනාධිපති මාධ්‍ය අංශය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනුයි මහබැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේ.

මේ අතර ව්‍යාපාරිකයෙකු හෝ පුද්ගලයෙකු උපයන ලාභය හෝ ආදායම, වාර්ෂිකව රුපියල් ලක්ෂ 12 වැඩි නම් ආදායම් බදු ගෙවිය යුතු බව දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ සභාපති ජ්‍යෙෂ්ඨ කොමසාරිස් සරත් අබේරත්න පවසනවා.

දේශිය ආදායම් බදු සශෝධන පනත් කෙටුම්පතෙන් සිදුකෙරෙන වෙනස්කම් පිළිබඳ හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදීයි ඔහු මේ බව කියා සිටියේ


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now