රට බංකොලොත් වූ හේතු දෙකක් ගැන මහ බැංකු අධිපතිගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

Central Bank of Sri Lanka Nandalal Weerasinghe Sri Lanka Economic Crisis Sri Lanka Financial crisis
By Sithumi Mar 16, 2023 11:28 AM GMT
Report

අද (16) රට බංකොලොත්වීමට හේතුවූ ප්‍රධාන හේතු 02 පිළිබඳව මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අනාවරණය කළේය.

ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත පිළිබඳ පැහැදිලි කිරීම වෙනුවෙන් අද පැවැති දේශනයකදී මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසීය.

මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

"අලුත් පනත යටතේ ප්‍රධාන අරමුණක් වෙන්නේ මුදල් පාලනය.. මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ක්‍රියාත්මක වෙන්නේ ඒ වෙනුවෙන්. බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන, ඒජන්සි කළමනාකරණය සඳහා පාලක මණ්ඩලය ක්‍රියාත්මක වෙනවා."

"2020 වසරේ සිට මහ බැංකුවේ මත වෙනසක් තිබුණා. පොලී අනුපාතය සහ විනිමය අනුපාතය පාලනය නොකර එකම අගයක තියාගමු කියලා කිව්වා. ඒකෙන් වුණේ අත්දෙක ගැටගැහුවා වගේ දෙයක්." "මේක තමයි දේශීය සහ විදේශීයව ඉල්ලුම පාලනය කරන්න මහ බැංකුවට තිබෙන උපකරණ දෙක."

"මේ දෙක පාලනය කරන්නේ නැතුව ආර්ථික වර්ධන වේගය ස්ථාවර කරන්න බැහැ." "ඒ නිසා 5%ට පොලී අනුපාතය අඩු වෙනකොට හැමෝම අඩු පොලියට ණය අරගෙන අද හිරවෙලා ඉන්නවා." "විනිමය අනුපාතය 203ට තියෙගෙන හිටපු නිසා අද අපේ සංචිත ඔක්කොම නැති කරලා රට බංකොලොත් බවට ප්‍රකාශ කරන්න සිද්ධ වුණා. ඒකෙ ප්‍රතිඵල මේ."

"මේක වෙනස් කළ යුත්තේ ඇයි කියන එකට මේක හොඳම සාධකයක්." "මේ රටේ ලොකුම ණයකරු එක්කො රජය.. නැත්තම් රජය සතු සංස්ථා." "රටේ ණය ගන්න අය වැඩියි ඉතුරු කරන අයට වැඩිය." "විදේශ විනිමය වියදම් කරන අය වැඩියි.. උපයන අයට වැඩිය."

"ජනමත විචාරණයක් තිබ්බොත් බහුතරය කියන්නේ විනිමය අනුපාතය 203 තියාගන්න කියලා. හැබැයි මහ බැංකුව ගන්නේ ජනප්‍රිය තීරණ නෙමෙයි..හරි තීරණය."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now