මහ බැංකු අධිපතිට කාන්තාවක ගෙන් වාග් ප්‍රහාරයක්.(VIDEO)

Central Bank of Sri Lanka Nandalal Weerasinghe Sri Lanka
By Aruna Sep 28, 2022 04:56 AM GMT
Report

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා වැඩ කරන්නේ මේ රටේ ජනාධිපති තමන් යැයි සිතාගෙන බව ලංකා එක්සත් ව්‍යවසායකයන්ගේ සංසදයේ සභාපතිනි ටානියා අබේසුන්දර මහත්මිය සඳහන් කරනවා.

මහ බැංකු විසින් ගන්නා ලද මොලයක් නැති තීරණ නිසා රටේ සමස්ත ව්‍යාපාර පද්ධතියම විනාශ වී ඇතැයි ද ඇය කියා සිටියි.

මහ බැංකුව අද වැඩ කරන්නේ බහු ජාතික සමාගම් වලට උවමනා විදිහට බවත් සාමාන්‍ය ජනතාව විනාස කර බහුජාතික සමාගම් තවත් සතුටු කරන බවටත් ඇය චෝදනා කරයි.

නන්දලාල් වීරසිංහ මහතාට ද යන්න වෙන්නෙ හිටපු අධිපති නිවාඩ් කබ්රාල් මහතා ගිය පාරේම බවත් ඇය කියා සිටියි.

දේශීය ව්‍යාපාරිකයන් විනාශ වීම හරහා සිදු වන්නේ මේ රටේ සියලු බැංකු පද්ධතිය බිඳ වැටීම බවත් ඇය පෙන්වා දෙයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී ඇය මෙම අදහස් පල කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now