නාමල්ගේ මඟුල් ගෙදර විදුලි බිල් නඩුව දෙසැම්බර් විභාගයට
Namal Rajapaksa
Bribery Commission Sri Lanka
Latest Headlines
Sinhala news
Puwath.lk
By R.rishma
2019 වසරේ නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවය සඳහා භාවිත කළ විදුලියට අදාළ ගාස්තු නොගෙවීම හේතුවෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන දෙසැම්බර් මස 4 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) නියෝග කළේය.
අදාළ පෙත්සම ඒ.එච්.එම්.ඩී. නවාස් සහ සම්පත් අබේකෝන් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හමුවේ අද කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි.
පෙත්සම සලකා බැලූ විනිසුරු මඩුල්ල සඳහන් කළේ, ලංකා විදුලිබල මණ්ඩලය මේ වනවිට ප්‍රතිව්‍යුහගත කර ඇති බැවින්, එහි අනුප්‍රාප්තික සමාගම මෙම නඩුවේ වගඋත්තරකරුවකු ලෙස නම් කිරීමට පෙත්සම්කාර පාර්ශ්වයට අවසර ලබාදෙන බවයි.
ඒ අනුව, අවශ්‍ය සංශෝධන සිදු කිරීමෙන් අනතුරුව පෙත්සම ලබන දෙසැම්බර් 4 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.