විදුලි බිල ගැන නාමල් රාජපක්ෂ කියයි. (VIDEO)

Namal Rajapaksa Sri Lanka Politician Sri Lanka Ceylon Electricity Board Sri Lanka Electricity Prices
By krishani Aug 09, 2023 12:07 PM GMT
Report

විදුලි බිල සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයෙන් සිදුකළ විමසීමට තවමත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ ය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ තමාට හෝ තම පියාට කිසිදු විදුලි බිලක් මේ වන තෙක් ලැබී නොමැති බවයි.

එමෙන්ම තමන්ගේ මංගල උත්සවයට විදුලිය ලබාගත්තේ විදුලි උත්පාදන යන්ත්‍රවලින් බවත්, මංගල උත්සවයට විදුලිය ලබාදෙන ලෙස ඉල්ලීමක් තමා නොකළ බවත්, ආරක්ෂාව සඳහා විදුලිය ලබාදෙන ලෙස ඩී.වී.චානක මන්ත්‍රීවරයා විසින් ඉල්ලීමක් කර තිබූ බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ය.

කෙසේ වෙතත්, විදුලි බිලක් ඇත්නම් එය ලැබීමට සලස්වන ලෙසත් නොලැබුණ විදුලි බිලක් ගෙවීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව මන්ත්‍රීවරයා සඳහන් කළේ ය.

විඩියෝ දර්ශන - News Center YouTube Channel