අනුර කුමාරගේ ඉන්දීය සංචාරය ගැන නාමල් රාජපක්ෂගෙන් විශේෂ හෙළිදරව්වක්.
පන්ති පහේ ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන කතා කරපු ජාතික ජනබලවේගයේ නායක අනුර කුමර දිසානායක ඉන්දියාව එන්න කිව්වම ප්‍රීති වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කරන ‘සද් ජන රළ’ රැස්වීම් මාලාව ආරම්භ කරමින් පොලොන්නරුව ගිරිතලේ ප්‍රදේශයේදී එසේ අවධාරණය කරනු ලැබීය.
නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ, ජනතා විමුක්ති පෙරමුණ පසුගිය කාලයේ දැඩි ඉන්දීය විරෝධී ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළත් අනුර කුමාර, ඉන්දියාවට ගොස් සාකච්ඡා කළ අකාරය දකින්න ලැබුණු බවත් ඉන්දියාවෙන් මෙරටට ලැබුණු ආයෝජන විශාල ප්‍රමාණයක් ජනතා විමුක්ති පෙරමුණ මැදිහත් වී අහිමිකළ අතර සාම්පූර් බලාගාරය ඊට හොඳම නිදසුනක් බවයි.
ජනතා විමුක්ති පෙරමුණ වෙනත් මතයකට ඇවිත් තිබෙන අතර පන්ති පහේ ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන කතා කරපු ජවිපෙ මේ වන විට ඉන්දියානු සංචාරයක් ගිහින් උදම් අනමින් කතා කරන බව කී නාමල් රාජපක්ෂ මහතා ජනතා විමුක්ති පෙරමුණ මේ ඉන්දියානු සංචාරයෙන් පසු මෙරටට එන ආයෝජනවලට එකගත්වය පළ කරනු ඇතැයි විශ්වාස කරන බවයි රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.