නාමල් ගෙන් අලුත් බැංකුවක්..මෙන්න ඔබට විශේෂ අවස්ථාවක්..
නව ආයෝජන බැංකුවක් හා සංවර්ධන බැංකුවක් ඉදිරියේදී ස්ථාපිත කිරීම සිදුකලයුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා.
ඔහු මේ බව ප්‍රකාශකලේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බොරැල්ල ආසන බලමණ්ඩලය අමතමින්.
අපි ලෝකයේ ඉදිරියට යන්න ඕනෙ ඒ සදහා අපි ව්‍යාපාරිකයින් රැක ගත යුතුයි.
විශේෂයෙන්ම මහා පරිමාණ ව්‍යාපාරිකයින් වගේම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ද ආරක්ෂා කලයුතුයි.
රජයටත් කොටස් තබාගෙන පෞද්ගලික අංශයත් එක්ක එකතු වෙලා ආයෝජන බැංකුවක් හා සංවර්ධන බැංකුවක් ස්ථාපනය කිරීමට මා යෝජනා කරනවා.
සංවර්ධන බැංකුව තුලින් රටේ සංවර්ධනය කිරීම කේන්ද්‍ර කරගත් ආයෝජන වලට මධ්‍ය හා දිගු කාලීන ණය ලබාදීමටත් ආයෝජන බැංකුව මගින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට නව තක්ෂණය හදුන්වාදීමට වගේම ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයකු වෙනත් රටක ආයෝජනය කරන්නේ නම් ඔහුට අවශ්‍ය දැක්ම හා පලපුරුද්ද ලබාදීමටත් හැකි ආයෝජන බැකුවක් අපි ස්ථාපනය කිරීමට බලාපොරොත්තු වෙනවා.