නාමල් යළි ක්‍රීඩා ඇමතිධූරයට පත් වෙයි?..අලුත්ම ආරංචිය මෙන්න.

Namal Rajapaksa Sri Lanka
By Aruna Sep 30, 2022 05:37 AM GMT
Report

ක්‍රීඩා සංගම් නිලධාරීන් හිටපු ක්‍රීඩකයින් පුහුණු කරුවන් පිරිසක් නාමල් රාජපක්ෂ මහතා මුණ ගැසී ඇති බව ක්‍රීඩා ක්ෂේත්‍රයට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම නිලධාරීන් හිටපු ක්‍රීඩකයින් සහ පුහුකරුවන් නාමල් රාජපක්ෂ මහතාට පවසා ඇත්තේ මේ වනවිට අමාත්‍යාංශය අත්තනෝමතික ලෙස ක්‍රීඩා පාලනය කිරීමට සූදානම් වන බවත් නිසි සැලසුම් හා අනාගත දැක්මක් නොමැති කමින් දැන් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවන් අයාලේ යන බවයි.

නිශ්චිත සැලසුමක් නොමැතිව කරන මේ කටයුතු නිසා ක්‍රීඩාවේ අනාගතය ඇත්තේ දැඩි අවධානමක බවත් ඔවුන් නාමල් රාජපක්ෂට පෙන්වා දෙන ලදී.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය වහාම නාමල් රාජපක්ෂ මහතාට ලබා ගන්නා ලෙස එම නිලධාරීන්,හිටපු ක්‍රීඩකයින් හා පුහුණු කරුවන් ඉල්ලීමක් කර ඇත.

නාමල් රාජපක්ෂ මහතා මෙහිදී පවසා ඇත්තේ ඇමතිකමක් ලබා ගැනීමට තමාගේ කැමැත්තක් නැති බවත් අවශ්‍යනම් අමාත්‍යාංශය භාරගෙන කටයුතු කිරීමට සූදානම් බවයි.

පසුගිය සතියේදී ක්‍රීඩා කර්මාන්ත වරාය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක අමාත්‍යවරුන් වෙනස් වන බවටද දේශපාලන ක්ශේත්‍රයේ කතා බහකට ලක්විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now