නාමල් රාජපක්ෂට අද හදිසියේම එන්න වූ තැන මෙන්න.

Police spokesman Namal Rajapaksa Department of Prisons Sri Lanka
By Aruna May 25, 2022 07:05 AM GMT
Report

පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (25) අධිකරණය හමුවේ පෙනී සිටියා.

ඒ රුපියල් මිලියන 70ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළැයි පසුගිය යහපාලන රජය සමයේ සිදු කළ පැමිණිල්ලකට අදාලවයි.

එම පැමිණිල්ල අද (25) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ ඉදිරියේ කැඳවූ අතර පැමිණිල්ල යළි සැප්තැම්බර් මස 21 වනදා කැඳවන ලෙස නියම කළේය.

ඒ මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් විමසා ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කිරීමත් සමගයි.

රග්බි ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට යැයි සඳහන් කරමින් ක්‍රිෂ් නමැති සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාධී සාවද්‍ය පරිහරණය කළැයි නාමල් රාජපක්ෂට චෝදනා එල්ලවී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now