නාමල්ගේ මිලියන 70 නඩුවට අද ලැබුණු තීන්දුව.
Namal Rajapaksa
By Wayomi
ක්‍රිෂ් නමැති සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව ඊට අදාළව අද (21) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඉදිරියේ එම පැමිණිල්ල කැඳවනු ලැබුවා.
එහිදී සැකකාර නාමල් රාජපක්ෂ ද අධිකරණයේ පෙනී අතර අධිකරණයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් විමසා ඇති බවයි.
මේ අනුව එම නඩුව 2023 වර්ෂයේ පෙබරවාරි මස 01 වනදා නැවත කැඳවීමට ද අධිකරණය නියම කරනු ලැබුවා.
නාමල් රාජපක්ෂ එලෙස මුදල් ලබාගෙන ඇත්තේ, රග්බි ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට බව පවසමින්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |