අධිකරණ තීන්දුව ගැන නාමල් කියූ දේ..
Mahinda Rajapaksa
Namal Rajapaksa
Sri Lanka Politician
Sri Lanka
By Sewvandhi
අද (20) පාර්ලිමේන්තුවේ දී අයවැය විවාදයට එක්වෙමින් තමන් සෑම විටම අධිකරණ තීරණවලට ගරු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි
"අපි අධිකරණ තීන්දුවලට ගරු කරනවා. ඒ සඳහා අපි නීති උපදෙස් පතනවා. සමහර වෙලාවට අපි දකිනවා මේ පාර්ලිමේන්තුව තුළත් තමන්ට වාසිදායක තීන්දුවක් ආවොත් අධිකරණය හොඳයි. තමාට අවාසිදායක තීන්දුවක් ආවොත් නඩුකාරවරුන්ගේ නම, නඩුකාරයා වාඩිවෙලා ඉන්න කාමරය, ඒ නඩුකාරවරුන්ගේ ඥාති සබඳතා ගැනත් මේ පාර්ලිමේන්තුවේ ඍජුව නිවේදනය කරනවා. අපි එහෙම කරන්නේ නෑ. අපි හැමදාම විශ්වාස කරනවා මේ රටේ අධිකරණය ස්වාධීනව කටයුතු කළ යුතුයි කියන කාරණය. ඒ ගැන විවේචනයක් නෑ."