නාමල්ට කැබිනට් ඇමතිධුරයක්..? (VIDEO)

Parliament of Sri Lanka Namal Rajapaksa Wimal Weerawansa Sri Lanka Sri Lanka Cabinet
By Sewvandhi Sep 10, 2022 12:52 PM GMT
Report

රටේ ආර්ථිකය බරපතළ ලෙස කඩාවැටී ඇති මොහොතක රාජ්‍ය අමාත්‍ය ධුර බෙදාගැනීම හෙළාදකින බව උත්තර ලංකා සභාගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.ඒ මහතා මෙසේ අවධාරණය කළේ බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති උත්තර ලංකා සභාගයේ ප්‍රථම මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා අවධාරණය කලේ , "මම දන්න රාජපක්ෂ පවුලේ බල දේශපාලනයට අනුව ශෂීන්ද්‍ර රාජපක්ෂට රාජ්‍ය ඇමතිකමක් දෙනවානම් අනිවාර්යෙන්ම නාමල් රාජපක්ෂට කැබිනට් ඇමතිකමක් දෙනවා. ඒක තමයි ඒ පවුලේ බල දේශපාලනයේ සූත්‍රය. දැන් ශෂීන්ද්‍ර රාජපක්ෂට රාජ්‍ය ඇමතිකමක් ලබා දීලා මුට්ටිය දාලා බලන්නේ ඉදිරියේදී නාමල් රාජපක්ෂට කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා දීමටයි" යන්නයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ එතුමා,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now