හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂට එරෙහි පැමිණිල්ල
හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ල දෙසැම්බර් මස 8 වන දා යළි කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. එම පැමිණිල්ල අද (04) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ, එම සිද්ධියට අදාළ විමර්ශන අවසන් කොට පරීක්ෂණ වාර්තා නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවය. එම පැමිණිල්ලට අදාළව ගත යුතු ඉදිරි පියවර පිළිබඳව නීතිපති උපදෙස් අපේක්ෂාවෙන් සිටින බවත් පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.
ඒ අනුව අදාළ පැමිණිල්ල දෙසැම්බර් මස 8 වන දා යළි කැඳවන ලෙස අධිකරණය නියම කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරමින් ආයතන උපයාගත් රුපියල් මිලියන 15ක මුදලක් එක්. ආර්. කන්සල්ටන්සි නමැති සමාගමේ ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු මාධ්‍ය නාමල් රාජපක්ෂ ඇතුළු 4 දෙනෙකුට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |