ඇමති නාමල් ධුරයෙන් ඉල්ලා අස්වෙයි..!

Politics Sri Lanka Namal Rajapaksha economic crisis
By Sewvandhi Apr 03, 2022 05:40 PM GMT
Report

ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

අද රාත්‍රී පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඔහු මෙම තීරණය ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.  

මේ අතර රජයට එරෙහිව නැගෙන මහජන විරෝධතා මධ්‍යයේ අමාත්‍ය නාමල් රාජපක්ෂගේ බිරිඳ ලිමිණී රාජපක්ෂ සහ ඇයගේ දෙමාපියන් අද උදෑසන රටින් පිටව ගොස් ඇති බව ද සමාජ මාධ්‍ය වාර්තා කළා.

ලිමිණී රාජපක්ෂ සහ ඇයගේ දෙමාපියන් දිවයිනෙන් පිටව ගොස් ඇත්තේ අප්‍රසිද්ධ ස්ථානයකට බව ආරංචි මාර්ග තහවුරු කරන බවයි එම සමාජ මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now