නාමල් රාජපක්ෂ අද අධිකරණයට

Namal Rajapaksa Bribery Commission Sri Lanka Law and Order Latest Headlines Sinhala news
By R.rishma Nov 03, 2026 04:24 AM GMT
Report

රිමාන්ඩ් භාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබේ.

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව විසින් ගොනු කර ඇති පැමිණිල්ල අද (03) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවීමට නියමිතය.

අදාළ නඩු කටයුත්ත සඳහා පෙනී සිටීමට නාමල් රාජපක්ෂ මහතා මෙලෙස අධිකරණයට රැගෙනවිත් ඇති බව වාර්තා වේ.