ක්‍රිෂ් ගනුදෙනුවේ නඩුවට අදාළව නාමල් රාජපක්ෂගේ ඇප නියෝගය අත්හිටුවයි
Namal Rajapaksa
Latest Headlines
Sinhala news
SriLanka - Puwath
Puwath.lk
By R.rishma
ප්‍රශ්නගත ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ නඩුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් ඇප නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් කොළඹ මහාධිකරණය අතුරුතහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකරන ලද ප්‍රතිශෝධන අයදුම්පතක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.
ඒ අනුව නාමල් රාජපක්ෂ මහතාට මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබාදුන් ඇප නියෝගය ක්‍රියාත්මක වීම තාවකාලිකව අත්හිටුවීමට මහාධිකරණය පියවර ගෙන තිබේ.