නාමල් රාජපක්ෂ කොටුව අධිකරණයට රැගෙන එයි
Namal Rajapaksa
Latest Headlines
Sinhala news
Puwath.lk
Arrest
By R.rishma
ක්ෂිත බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (16) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත බන්ධනාගාර නිලධාරීන් විසින් රැගෙන එනු ලැබුවා.
බන්ධනාගාර බස් රථයකින් ඔහු දහවල් 1.30ට පමණ අධිකරණ පරිශ්‍රයට පැමිණි බව සඳහන්.
ශ්‍රීලංකන් ගුවන් සේවයට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ක්‍රියාවලියට අදාළව සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනයට අදාළ නඩු කටයුත්තක් අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබෙනවා.
එම විමර්ශනයට අදාළව නාමල් රාජපක්ෂ මහතා සැකකරුවෙකු ලෙස නම් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව මීට පෙර වාර්තා වුණා.