ප‍්‍රියමාලි සහ නාමල් අතර සම්බන්ධයක්?..ඥානසාර හිමිත් ප්‍රියමාලි ලඟට ගිහින්..ඇයට අගමැතිගේ ප‍්‍රභූ ආරක්‍ෂාවත් දීලා..(VIDEO/PHOTOS)

Namal Rajapaksa Sri Lanka Galagoda Aththe Gnanasara Thero
By Aruna Oct 11, 2022 11:13 PM GMT
Report

අරලිගහ මන්දිරයේ අග්‍රාමාත්‍යවරයාට හිමිවිය යුතුව තිබූ ප්‍රභූ ආරක්ෂාව තිළිනි ප‍්‍රියමාලි නම් ජාවාරම්කාරියනට ලබා දුන්නේ කෙසේදැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා ප්‍රශ්න කරයි.

අගමැතිට හිමි විය යුතු වූ ප්‍රභූ ආරක්ෂාව ජාවාරම් කාරියකට ලැබී තිබුණේ කෙසේදැයි සොයා බැලිය යුතු බවද කියා සිටි ඔහු මෙවන් කාන්තාවන් ලඟ සඟවා තිබුණේ විවිධ පුද්ගලයන්ගේ කළු සල්ලි බවද පැවසීය.

ඇය ලග මුදල් ආයෝජනය කල බවට සමාජ ජාලවල හුවාමාරු වන නම් ලයිස්තුවක තමන් ඇතුළු තම පක්ෂයේ පිරිසකගේ ද නම්ඇති බවත් පැවසූ ඔහු ඒ සම්බන්ධයෙන් රහස් පොලිසියට පැමිණිලි කරන ලද බවත් දැන් සාක්ෂි කිසිවකු හෝ ඇත්නම් ඔප්පු කරන ලෙසත් කියා සිටියේය.

සිදුවීම පිලිබදව පැමිණිල්ලක් කිරීමට රහස් පොලීසියට ගොස් ආපසු එන අතර වාරයේ මාධ්‍ය වෙත ඔහු මෙම අදහස් පළ කළේය.

තිළිණි ප‍්‍රියමාලි රහස් පොලිසියට ලබාදී ඇති ප්‍රකාශයක් අනුව ඇයගේ මුදල් ආයෝජනය කර ඇත්තේ ජානකි සිරිවර්ධන නමැත්තිය ළඟ බවත් ජානකි සිරිවර්ධන යනු නාමල් රාජපක්ෂගේ සමීප හිතවතියක බවත් එනම් ප‍්‍රියමාලි පසුපස සිටින්නේ නාමල් රාජපක්ෂ බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

මේ අතර බොදු බල සේනා සංවිධානය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

අන්තර්ජාල මාධ්‍ය තුල පැතිර යන අසත්‍ය චෝදනා සම්බන්ධයෙනි.

මූල්‍ය වංචා සිදුකිරීම පිළිබඳව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිලිණි ප්‍රියමාලි නම් කාන්තාවක සන්තකයේ බොදු බල සේනා සංවිධානයේ නායක පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් මුදල් ආයෝජන සිදුකර ඇති බවට සමාජ මධ්‍යය ඔස්සේ එල්ලවන චෝදනා සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර සිටිමු.

එවැනි ආකාරයේ කිසිදු ආයෝජනයක් රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් තිලිණි ප්‍රියමාලි හෝ එවැනි වෙනත් පුද්ගලයන් සන්තකයේ හෝ වෙනත් ආයතන සන්තකයේ සිදු කර නොමැති බව ද අවධාරණය කර සිටිමු.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු විවිධ පාර්ශව සමග අදාළ කාන්තාව සිටින ඡායාරුප අන්තර්ජාලය ඔස්සේ පලවෙමින් පවතියි.

එම ඡායාරුප අතර පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සමග සිටින ජායාරූපයක් ද සමාජ මාධ්‍ය තුල සංසරණය වන අතර විවිධ පුද්ගලයන් එයට විවිධ අදහස් එක් කර තිබුණි.

මීට වසර කිහිපයකට පෙර ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ දේපල වෙලදාම් සහ සිනමාවට අදාල ව්‍යාපාරයක් වෙනුවෙන් කාර්යාලයක් ආරම්භ කරන බවත්, ඒ අවස්ථාවට වැඩමකොට සෙත්පිරිත් දේශනාවක් පවත්වන ලෙස ත් ඉසුරු බණඩාර මහතා විසින් කරන ලද ආරාධනාවකට අනුව ඥානසාර හිමියෝ ඊට සහබාගී විය.

එම පිරිත අවසානයේ දී ගන්නා ලද ඡායාරුප කිහිපයක් දක්වමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ද මුදල් වංචාවට හසුවුවා වැනි අරුතක් එක්කිරීමට උත්සාහ දැරීම කෙතරම් යුක්ති සහගතද……?

උන්වහන්සේ සමාජයේ නොයෙක් ක්‍රියාකාරකම් කරන අවස්ථාවලදී කෙතරම් ප්‍රමාණයක් ඡායාරුප ගෙන ඇතිද…?

අදාළ අවස්ථාවට පසුව, පසුගිය කාලයේ කොව්ඩ් වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව සිටි පවුල් දෙතුන් දහසකට වියලි ආහාර බෙදා දීමට පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ගෙනගිය වැඩසටහනකට ද ඉසුරු සහ තිලිණි දෙපල දායකත්වය ලබාදුන් අතර කැලණිය රජමහා විහාරයේ දි පින්කමක් සිදුකර, ඉතා අඩු පහසුකම් සහිත පිරිවෙන් 10 කටත් මෙහෙණි ආරාම 10 කටත් අවශ්‍ය උපකරණ, පොත්පත් යනාදිය බෙදාදීම ට ද දායකත්වය ලබාදුනි.

භික්ෂුන් වහන්සේ නමක් ලෙස ආගමික කටයුතු සඳහාත්, සමාජ සුභසාධන කටයුතු සඳහාත් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට විවිධ මිනිසුන් මුන ගැසෙති.

ඒ අයගේ වත්කම් හා ව්‍යාපාරික කටයුතු පිළිබඳව උවහන්සේ සමග සාකච්ඡා කරන්නේ නැත. භික්ෂුන් වහන්සේ නමක් ලෙස උන්වහන්සේට යම් ආගමික කටයුත්තක් ඉටුකරදෙන ලෙස ආරාධනා කලහොත් හෝ පොදු කටයුතුවලදී දායකත්වය දක්වන්නේ නම් ඒ වෙනුවෙන් පමණක් උන්වහන්සේ කටයුතු කරති.

එසේ නොමැතිව විහාරස්ථානයට පැමිණෙන කිසිදු දායකයෙකු සමග ව්‍යාපාරික කටයුතුවල නිරතවීමක් උන්වහන්සේ සිදුකරන්නේ නැත.

අදාළ චෝදනාවට ලක්ව සිටින සමාගම් සමග කිසිදු මූල්‍ය කටයුත්තකට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සම්බන්ධ වී නොමැති බව තවදුරටත් අවධාරණය කර සිටින අතර මේ පිළිබඳව සිදුකෙරෙන ඕනෑම පරීක්ෂණයකට සහයෝගයක් අවශ්‍යයනම් ඒ සඳහා ඕනෑම මොහොතක සහයෝගය දැක්වීමට උන්වහන්සේ සුදානමින් සිටිති.

බොදු බල සේනා මාධ්‍ය අංශය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now